සිංහලයා පරද්දන්න සජිත්ට ඡන්දේ දෙන්න! – දෙමළ ජාතික සන්ධානය…

November 13, 2019 at 10:47 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ අභිප්‍රාය සහ සිංහල නායකයන් ලබන ජයග්‍රහණය වැළැක්වීමට දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතු බව දෙමළ ජාතික ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එ්. සුමන්දිරන් පවසයි.

ඒ සඳහා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීමට උතුරු නැඟෙනහිර ජනතාව එක්විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

2005 මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ දෙමළ ජනතාව ඡන්දය භාවිත නොකළ නිසා බවත් 2015 රාජපක්ෂ පාලනය අවසන් කළ දෙමළ ජනතාව මෙවර ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමට කටයුතු කළ යුතු බවත් සුමන්දිරන් පවසයි.

නොබෙදුණු බෙදිය නොහැකි රටක බලය බෙදා හැරීමට සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එකඟ වුවද ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා එකඟ වී නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා මුලතිව් මාන්කුලම්හි පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස