සාලින්දගේ පුරප්පාඩුව ශ්‍රීලනිපයට ද පොහොට්ටුවට ද? තීින්දුව මැතිවරණ කොමිසම අතේ!

August 11, 2019 at 8:54 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහා පත් කරන්නේ ශාන්ත බණ්ඩා ද ඩී.බී. හේරත් ද යනුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇත.

2015 අගෝස්තු මහා මැතිවරණයේ කුරුණෑගල මනාප ලැයිස්තුවේ පරාජිතයන් අතර වැඩිම මනාප ලාභියා ශාන්ත බණ්ඩාරය. ඔහුට පසු වැඩිම මනාප ලබා ගෙන ඇත්තේ ඩී.බී. හේරත්ය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් එම්.එල්.ඒ.එම්. අතාවුල්ලා ඉල්ලා අස්වීමත් සමග ශාන්ත බණ්ඩාර එම මන්ත්‍රී ධුරය සඳහා නම් කළ අතර සාලින්ද දිසානායක මිය යන විටත් ඔහු එම ධුරයේ කටයුතු කරමින් සිටියේය.

කෙසේ වුවද ඩී.පී.හේරත් මහින්ද පාර්ශවයේ ආධාරකරුවකු නිසා ශ්‍රීලනිප නායකයන්ගේ උපදෙස් අනුව ශාන්ත බණ්ඩාරට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ සාලින්දගේ අභාවය නිසා හිස් වූ අසුනට පත්වීමට අපේක්ෂාවෙනි.

එම මන්ත්‍රීි ධුරය හිමි විය යුත්තේ සාලින්ද අභාවයට පත්වන විටත් මන්ත්‍රී ධුරයක් දැරූ ශාන්ත බණ්ඩාට ද නැතහොත් මනාප ලැයිස්තුවේ ඊළඟ වැඩිම මනාපලාභියා වන ඩී.පී. හේරත්ට ද යන්න මැතිවරණ කොමිසම හෙට තීන්දු කරනු ඇත.

ශාන්ත බණ්ඩාර මෙයට පෙර පැවසුවේ තමා ජනතා මනාපයෙන් නැවත පාර්ලිමේන්තුවට පත්වීමට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

කෙසේ වුවද හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කවමත් කිසිවකු නම් කිරීමට ද කටයුතු කර නැත. ශාන්ත බණ්ඩාරගේ ඉල්ලා අස්වීම සහ ඩී.බී. හේරත්ට මන්ත්‍රී ධුරය හිමි වීම වැළැක්වීම පිටුපස සිටින්නේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස