සජිත් දිනවන්න පාඨලී ජාතික විද්වතුන් වෘත්තිකයන් කැඳවයි!

October 8, 2019 at 8:47 am | by emanisa.lk

උගත් බුද්ධිමත් රාජ්‍ය නායකත්වයක් නිර්මාණය කර බුද්ධි මණ්ඩලයක් අතට රටේ නායකත්වය භාරදිය යුතු බව ප්‍රකාශ කළ ඇමති පාඨලී චම්පික රණවක ඒ සඳහා පළමු පියවර තබා තිබේ.

ඒ එළඹෙන ජනාධිපතිවරණයේ දී ඇමති සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සඳහා රටේ විද්වතුන් වෘත්තිකයන් සහ දේශහිතෛෂීන් ඒකරාශී කරමිනි.

අභිමානවත් සශ්‍රීක සහ සුහුරු දේශයක් ගොඩනැඟීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග සමග හෘදසංවාදයකට විද්වතුන්ට වෘත්තිකයන්ට ඔක්තෝබර් 09 වෙනි බදාදා සවස 3ට බත්තරමුල්ල වෝටර්ස් එජ් වෙත පැමිණෙන ලෙස ඇමති පාඨලී චම්පික රණවක ආරාධනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස