සජිත් දිනවන්න තිස්ස සිරිකොතේ මහ පුටුවක් ඉල්ලයි! සජිත් පරදින තුරු බලා සිටින රනිල් බෑ කියයි!

October 8, 2019 at 1:44 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක තනතුර තමන් වෙත ලබාදෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති ධුර අපේක්ෂකයාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව කිරීම සඳහා එම තනතුර අවශ්‍ය බව ඔහු විසින් නායකත්වයට පෙන්වා දී ඇත. එහෙත් එම ඉල්ලීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති ධුර අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසත්, තනතුරු පිළිබඳව පසුව තීරණය කළ යුතු බවත් අගමැතිවරයා අවධාරණය කර තිබේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වන විට එම තනතුර හොබවන්නේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ශමල් සෙනරත්ය.

මේ වන විට සජිත් ජනාධිපතිවරණයෙන් පරාජය කරවීම සඳහා රනිල් පාර්ශවය ඉතාම කැපවීමෙන් කටයුතු කරන බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස