ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ජාතික ආරක්ෂාවයි! – තිස්ස අත්තනායක

August 8, 2019 at 10:40 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි අපේක්ෂකයා කවුද යන්න බවත් ඒ සඳහා වඩාත් සුදුසු අපේක්ෂකයා සමග තමන් කටයුතු කරන බවත් එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.

එජාපය තුළ පවතින අර්බුදය වහා නිමා කරගෙන බහුතර ජනතාව අපේක්ෂා කරන පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් එය එජාපයට දැඩි ලෙස අවාසිදායක වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

පසුගිය වසර 4කට අධික කාලය තුළ රටේ විශාල පරිහානියක් සිදුව ඇති බවත් එහෙයින් නව නායකත්වයක් ඉදිරිපත් කර පාවෙන ඡන්ද සහ අලුත් ඡන්දදායකයන් දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රතිවාදී කඳවුරේ ප්‍රචාරණ ව්‍යාපාරයට සමාන්තරව ගමන් නොකළහොත් එජාපයේ කිසිදු අපේක්ෂකයකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි හිටපු මහ ලේකම්වරයා අනතුරු ඇඟවීමක් ද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස