එජාපය අපේක්ෂකයෙක් තෝරගන්න බැරි තරම් බංකොලොත් වෙලා! ඉදිරි ජනාධිපතිවරණය මෙහෙම දිනන්න බෑ! – තිස්ස අත්තනායක

September 16, 2019 at 10:22 pm | by emanisa.lk

තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම බරපතල අර්බුදයක් බවට පත්වන තරමට අද එක්සත් ජාතික පක්ෂය බංකොලොත් වී ඇති බවත් වර්තමානයේදී වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් එජාපයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්නායක පවසයි.

අභ්‍යන්තර වශයෙන් කතාබහ කර ගැටලු විසඳා ගෙන අපේක්ෂකයා තෝරා ගත යුතු බවත් පෙන්වා දෙන හිටපු සභාපතිවරයා පවසන්නේ අද එජාප නායකයන් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න මාධ්‍ය ඉදිරියට ගෙන එමින් සිටින බවය.

මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයට කිසිසේත්ම ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

පක්ෂයේ කෘත්‍යාධකාරී මණ්ඩලය යනු ජනතාවගේ මතය නියෝජනය වියයුතු තැනක් වුවත් අද එය කුමන්ත්‍රණ සිදුකරන තැනක් බවට පත්ව ඇති බව ද ඔහු පවසයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ පාර්ශවය පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත මත තෝරාගත යුතු බවය. එහෙත් සජිත් ප්‍රේමදාස පාර්ශවය පවසන්නේ එම අයිතිය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් නොව එජාප මන්ත්‍රී කණ්ඩායම ද හිමි විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස