සජිත් කෙහෙල් ඇවරියෙන් සටනට! මෙහෙයුම් කාර්යාලය වොක්ෂෝල් වීදියේ! තිස්ස සුදත් මෛත්‍රී මාකර් එක්වෙයි!

September 22, 2019 at 10:18 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ තරග කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ලේකම් ධුරය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කෙහෙල් ඇවරිය ලකුණ යටතේ ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලබන සතියේ කොළඹ වොක්ෂෝල් වීදියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පත් කිරීමට සැලසුම් කර තිබේ.

මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක හා හිටපු ඇමැතිවරයකු වූ ඉමිටියාස් බාකිර් මාකාර්ට භාර දී තිබේ. මෛත්‍රී ගුණරත්න ද රනිල් වික්‍රමසිංහට එරෙහිව එජාපය තුළ සටන් කර ඉන් ඉවත් වූවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස