රනිල් සජිත් පිලේ තටු කපයි! ඇමති කබීර් සහ මංගලගේ ආයතන පවරා ගනී!

August 31, 2019 at 7:20 am | by emanisa.lk

ඇමති කබීර් හෂීම්ගේ අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් එම අමාත්‍යංශයෙන් ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එසේ ඉවත් කරන ආයතන සියල්ල ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පත් කරන ලෙසයි අගමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත.

මේ අතර ඇමති මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක් ද එම අමාත්‍යංශයෙන් ඉවත් කරන ලෙස ද අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එය ලිඛිතව තවමත් ජනාධිපතිවරයා වෙත දන්වා නොමැති අතර මෙසේ මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය බැංකු දෙකකි.

රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සහ කබීර් හෂීම් මේ වන විට සජිත් පාර්ශ්වයේ ප්‍රබලයන් ලෙස කටයුතු කරන අතර සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා පක්ෂ නායකත්වයට දැ‍ඩිලෙස බලපෑම් කරමින් සිටී.

ඒ අනුව මංග‍ලගේ සහ කබීර්ගේ අමාත්‍යංශවලට අයත් ආයතන ඔවුන්ගෙන් ඉවත් කිරීම ඔවුන්ට සිදු කරන අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැකිය.

කෙසේ වුවද ජනාධිපතිවරයා අදාළ ඉල්ලීම ඉටු කරන්නේ ද යන්න මෙතෙක් දන්වා නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස