ජනාධිපති දැන් හෙළුවැල්ලෙන්! සමසමාජකාරයෙක් නොවුණාට රනිල් ගැන සතුටුයි!

February 11, 2019 at 6:33 am | by admin

“අපිට බලහත්කාරකම් කරන්න ආපු මේ රටේ ජනාධිපති සහ එයාගේ ගෝල බාලයෝ එදා අපිට පාරම්බෑවේ මහේසාක්‍ය රජවරු වගේ. අද ඒ අයගේ රෙදි පිළි ගැලවිලා හෙලුවැල්ලෙන් ඉන්නේ. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වෙලා ඒ ගොල්ලන්ට විලිවසා ගන්න බැරි තැනට අපි පත් කළා. පොදු ක්‍රියාමාර්ගයක් මත තමයි අපි ජයග්‍රහණය කළේ.”

“ඒ ගොල්ලෝ හිතුවේ රනිල් වික්‍රමසිංහ ගහපු ගමන් වැටිලා දුවයි කියලා. නමුත් එහෙම වුණේ නෑ. හෙල්ලෙන්නේ නැතුව දවස් 53ක් එතන ඉඳගෙන නායකත්වයක් දෙන්න පුළුවන්කමක් එයාට තිබුණා. මිනිහා සමසමාජකාරයෙක් නෙමෙයි, නමුත් එයාට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට එහෙම ඉන්න පුළුවන් වුණු එක ගැන මම සතුටු වෙනවා.”

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මේ අදහස් දැක්වූයේ 2019 පෙබරවාරි 05 වෙනි දින මහනුවර පුෂ්පදාන ශ්‍රවණාගාරයේ දී කුමන්ත්‍රණය අවසන් ද? මැයෙන් පැවති සම්මන්ත්‍රණයේ දීය. එහිදී සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *