සජිත් ජනාධිපති වුණොත් රටේ සියලුම කාන්තාවන් කෝටිපතියන් කරනවා! පිරිමි අපට ගෙදෙට්ට වෙලා පත්තර බල බල ඉන්න පුළුවන්! – සරත් ෆොන්සේකා (video)

September 3, 2019 at 1:38 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් කරන බව කියන කිසිදු දෙයක් ප්‍රායෝගික නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

තමා ජනාධිපති වුවහොත් මේ රටේ සියලුම කාන්තාවන් කෝටිපතියන් කරන්නේ යැයි ඇමති සජිත් පැවසූ බව පෙන්වා දුන් සරත් ෆොන්සේකා ඊට පසු රටේ පිරිමින්ට නිවසට වී පත්තර බලමින් සිටිය හැකි යැයි කියයි.

තමා ජනාධිපති වූ පසු මේ රටේ ගම් 14 000ටම පෞද්ගලිකවම යන්නේ යැයි ඔහු පවසන බවත් ජනාධිපති ධුරයට ඇති දවස් 1825ම (අවුරුදු 5) එක ගමක පැය දෙකක් ගතකරමින් පැය 24ම ගමින් ගමට ගියත් සිය ධුර කාලය තුළ සියලු ගම් වෙත යා නොහැකි බවත් ෆොන්සේකා පවසයි.

රණවිරුවන් සියලු දෙනාගේ සුවදුක් විමසීමට දෙපතුළ ළඟටම යන බව ඔහු පවසන පෙන්වා දුන් හිටපු හමුදාපතිවරයා තමන්ට පවා සිය ධුර කාලය තුළ ලක්ෂ 4ක් වන රණ විරුවන් සියලු දෙනා පෞද්ගලිකව හමුවීමට නොහැකි වූ බව පවසයි.

මේ රටේ උදාගම් ඩිජිටලයිස් කිරීමට ඔහු කතා කළ ද ඒ ගම්වල ජනතාවට තුන්වේල කන්න නැතැයි සරත් ෆොන්සේකා පෙන්වා දෙයි.

මෙය ප්‍රාදේශීය සභා ඡන්දයක් නොවන බවත් එහෙයින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙන් කතා කළ නොහැකි බවත් ඔහු පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස