සජිත් ජනපති නම් රනිල් අගමැති විය යුතුමයි! රනිල් කවදාවත් ජාතිවාදියෙක් වෙන්නේ නෑ!- සම්බන්ධන්

September 17, 2019 at 4:15 pm | by emanisa.lk

යම් හෙයකින් ජනාධිපති ධුරයට ඇමති සජිත් ප්‍රේමදාස පත් වන්නේ නම් රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන්ම අගමැති ධුරයට පත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

රනිල් වික්‍රමසිංහ කෙරෙහි තමන්ට දැඩි විශ්වාසයක් ඇතැයි ද ඔහු කිසි විටක ජාතිවාදියකු ලෙස කටයුතු කර නැතැයි ද පැවසූ එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් රටේ ගැටලු විසඳා ගැනීමට ඔහු වැනි නායකයකු උවමනා යැයි ද අවධාරණය කර තිබේ.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ පෙරේදා (15) සිය නිල නිවසේ දී එජාප නියෝජිතයන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් මුණ ගැසුණු අවස්ථාවේය. මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් ද සහභාගී වී තිබේ.

සිය පක්ෂය සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සහය ලබා දෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැඹුරින් සලකා බලා යැයි හෙතෙම අවධාරණය කරයි.

තමන් උතුරට ෆෙඩරල් නො ඉල්ලන බවත් ඉල්ලන්නේ රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ උතුරට ලබා දීමට තීන්දු කළ බලතල පමණක් බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස