සජිත් අනාථ කරමින් එජාපය දෙකඩ වී අවසන්! නාමයෝජනා දෙන්න රනිල් පිල නොපැමිණෙයි!

October 8, 2019 at 9:16 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ඊයේ (07) රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු සියලුම පක්ෂ නායකයන් සහභාගී විය. එහෙත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් නාම යෝජනා භාර දීමට සජිත් පාර්ශවය පමණක් පැමිණ සිටීම විශේෂත්වයක් විය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පක්ෂ උප නායක රවී කරුණානායක හෝ පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක එහි දක්නට නොලැබිණි.

එහෙත් පාඨලී චම්පක රණවක, රවුෆ් හකීම්, මංගල සමරවීර, අජිත් පී. පෙරේරා, මනෝ ගනේෂන්, කබීර් හෂීම්, රාජිත සේනාරත්න, මුජිබර් රහ්මාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට එක්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස