සජිත්ට සහාය දෙන්නේ අපේ ඉල්ලීිම් සජිත් පිළිගත් නිසා නෙමෙයි! අපි නිකන්ම සජිත්ට සහාය දෙනවා! – සම්බන්ධන්

November 5, 2019 at 9:09 am | by emanisa.lk

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ යෝජනාවක් මත දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම සකසා තිබූ ඉල්ලීම් 13 සහ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දීමට ගත් තීරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.

ඊයේ (04) කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ඉල්ලීම් පිළි අරන් සජිත් ප්‍රේමදාස සමග ගිවිසුම් අත්සන් කරලා නෑ. දෙමළ ජාතික සන්ධානයේ සභාග පක්ෂ සහ අනෙකුත් නායකයින් සමඟ පක්ෂ නායකයා ලෙස මම ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්විය යුතුයි කියන මතයේ හැම දෙනාම හිටියා. වෙනත් කිසිම මතයක් ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා මෙය දෙමළ ජාතික සන්ධානය වශයෙනුත් තමිල් අරසු කච්චි සහ අනෙකුත් සභාග පක්ෂ ගත්තු තීරණයක්. ජනතාව ඉල්ලා සිටින්නේ එයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස