රනිල් සජිත්ගේ අපේක්ෂකත්වය පික් පොකට් ගසයි! එජාප ජවිපෙ සහ NGO කඳවුරේ අපේක්ෂකයා කරූ!

September 13, 2019 at 12:13 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හා සිවිල් සංවිධානවල (NGO) සහය ලබාගත හැකි බව සහතික කරන්නේ නම්, ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය කතානායක කරු ජයසූරියට ලබාදීමට සුදානම් බව එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සිය නියෝජිතයකු මගින් කරු ජයසූරියට දැනුම් දී ඇත.

පෙරේදා (11) කතානායකවරයා හමුවී එම දැනුම්දීම කර ඇත්තේ, අගමැතිවරයාගේ සමීප හිතවතකු වන දිනේෂ් වීරක්කොඩිය.

එහිදී ඔහු පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්විය යුතු බවය.

එම කොන්දේසියට එකඟවී ඇති කරු ජයසුරිය, දිනේෂ් වීරක්කොඩි ඉදිරිපිටම ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට දුරකථන ඇමතුමක් ලබාදී වහාම ඔහුව හමුවීමට අවශ්‍ය බව දැනුම් දී ඇති බවත්, මේ දිනවල කොළඹින් බැහැරව සිටින බව එහිදී ජවිපෙ නායකයා පවසා ඇති බවත් වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස