කතානායක කරූට සම්මාන පිට සම්මාන! මල්වත්තෙන් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි සම්මානය!

March 17, 2019 at 1:23 pm | by admin

කථානායක කරු ජයසුරියට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානය ප්‍රදානය කිරීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජ්‍ය කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය පිරිනැමීම අනිද්දා 19 වැනි දා අඟහරුවාදා ප.ව 03.00ට මල්වතු මහා විහාරස්ථ උපෝෂතාගාරයේදී සිදු කිරීමට නියමිතය.

මීට පෙර ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, සාරාර්ථ දර්ශී ජනතා නායක ගෞරව නාමයද කරු ජයසුරිය මහතා වෙත ප්‍රදානය කෙරිණි. ජපන් අධිරාජ්‍යයා වෙතින් ප්‍රදානය කරන ජපානයේ ප්‍රධානතම ගෞරව සම්මානය වන “උදාවන සූර්යා සම්මානය” ද පසුගිය වසරේ දී කරු ජයසුරිය වෙත පිරිනැමිනි.

ඉන්දියාවෙන් 2017 වසරේ දී “විශ්ව සාම” සම්මානය ද කරු ජයසුරිය මහතා වෙත පිරිනැමු අතර, පසුගිය දා අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන ආසියාවේ අභිමානය සම්මානය ද කථානායකවරයා වෙත පිරිනමනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස