එජාපයේ 2/3ක් වගේම රටේ ජනතාවගෙන් 83%ක් කැමති සජිත්ට! පාර දෙපැත්තේ බෝඩ්ලෑලිවලින් පේනවා ජනාධිපති වෙන්නේ සජිත් කියලා! රනිල් ජනපති අපේක්ෂක කිරීම ගෝඨාගේ බොරුවක්! – මංගල

September 8, 2019 at 12:54 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ප්‍රචාරය කිරීම ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ බොරුවක් බව ඇමති මංගල සමරවීර පවසයි.

යාපනයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී මාධ්‍යවේදියෙකු එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“අපි පැහැදිළිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඕන සජිත් ප්‍රේමදාසයි කියලා.

ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලිවලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්.

අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස