රනිල්ගෙන් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට තවත් 30ක්! සජිත්ගේ බහුතර බලය නිමයි! ජනපති සිහින කුඩු පට්ටම්!

August 26, 2019 at 10:48 am | by emanisa.lk

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට නව සාමාජිකයන් 30 දෙනෙකු පත්කර ජනාධිපති අපේක්ෂකයා තේරීම සඳහා ඡන්දයක් පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් 93ක් සිටිය යුතු වුවද දැනට පත්කර ඇත්තේ 63 දෙනෙකු පමණි. මේ පිරිස අතරින් බහුතරය ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලැබිය යුතුය යන ස්ථාවරයේ සිටීම මෙම තීන්දුවට හේතු වී ඇත.

ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ හිතවතුන් පිරිසක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර සජිත් පාර්ශවය ඉල්ලා සිටින ඡන්දය පවත්වා සජිත් ප්‍රේමදාස පරාජයට පත් කිරීම රනිල් පාර්ශවයේ සැලසුමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස