යාපනේ කදුරුගොඩ පන්සල් බිමෙන් ක්‍රි.පූ. 6 වන සියවසේ මානව ජනාවාසයක සාධක මතුවෙයි!

August 29, 2019 at 1:29 pm | by emanisa.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව යාපනයේ කදුරුගොඩ විහාර භූමියේ කළ කැණීම්වලින් ක්‍රිස්තු පූර්ව හය වැනි ශතවර්ෂයට අයත් මානව ජනාවාස සාධක හමුවී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි කැණීම් මෙහෙයවා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරාගේ ප්‍රධානත්වයෙනි.

2018 වසරේ ආරම්භ කෙරුණ කැණීම් සඳහා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බාබරා හෙල්වින් සහ මහාචාර්ය පීටර් හිච්තොක් යන අය සහභාගි වී තිබේ.

කැණීමෙන් මතු කර ගත් ජනාවාස සාධක කාලනිර්ණය කිරීමේදී කන්දරෝඩි භූමිය අනුරාධපුර යුගයට අයත් ජනාවාසයක් බව යළිත් තහවුරු වූ බවද ආචාර්ය නිමල් පෙරේරා කීය.

මෙහි තිබී ක්‍රි. පූ. 2 වන සියවසට අයත් ළිප් උඳුන් සහ මැටි බඳුන් කැබලි මෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් ආයුධ පවා හමු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස