මහින්ද දිනුවේ උතුරු නැඟෙනහිර ජනතාව ඡන්දය නොදුන් නිසායි! මෙදා නම් රාජපක්ෂලාට දිනන්න දෙන්නේ නෑ! – දෙමළ ජාතික සන්ධානය

August 16, 2019 at 2:09 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණේ උතුරු නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ නිසා බවත්
ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ජනාධිපති අපේක්ෂකවරයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් එම අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජය ගැනීමට කිසිදු ඉඩක් දෙමළ ජනතාව නොදෙන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් පැවසීය.

යුද්ධය අවසන් කිරීමෙන් පමණක් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දිය හැකි බව මහින්ද රාජපක්ෂ සිතා සිටින බවත් යුද්ධය නිසා අතුරුදන් වූ අයගේ ඥාතීන් අදටත් තමන්ගේ පවුල්වල අතුරුදහන්වූවන් සොයමින් දුක්විඳින බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාවට විඳින්නට සිදුවූ සියලුම ප්‍රශ්නකාරී තත්ත්වයන් තවමත් එම ජනතාවට අමතක නැති බවත්, ඒකාධිපති, මර්දනකාරී නායකයන්ට ජනතාව අකමැති බැවින් තම පක්ෂයද අකමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද 2010 මෙන්ම 2015 මැතිවරණවල දී ද ජනාධිපතිවරණය සඳහා උතුරු නැඟෙනහිර ජනතාව ඡන්දය භාවිත කළ අතර 2010 මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 18කින් ජයග්‍රහණය කළේය. ඒ අවස්ථාව උතුරු නැඟෙනහිර ජනතාවට ලැබුණේ කොටි සංවිධානය පරාජය කළ නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස