උතුරු පළාත් සභාව රට බෙදන්න මිස ජනතාවට වැඩක් කරලා නෑ! මැතිවරණවලදී ජනතාව පිළිතුරු දෙයි! – දකුණේ සංහිඳියා ඔස්තාර් පාක්‍යසෝතිගෙන් දෙමළ සන්ධානයට චෝදනා පත්‍රයක්…

March 27, 2019 at 8:26 am | by admin

උතුරු පළාත් සභාව පිහිටුවීම යහපත් දෙයක් වුවද උතුරේ ජනතාව මුහුණපාන ගැටලු විසඳා ජීවිත යහපත් කිරීමට නිසි මැදිහත්වීමක් සිදුව නැතැයි සංහිඳියාව සඳහා වන කාර්යසාධක බළකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු චෝදනා කරයි.

පළාතේ සංවර්ධනය සඳහා මධ්‍යම ආණ්ඩුව ලබා දුන් මුදලින් 40%කට අධික මුදලක් වැයකර නොමැති බව පෙන්වා දුන් ආචාර්ය සරවනමුත්තු පළාත් සභාවේ සම්මත කරගත් යෝජනා 400කට අධික ප්‍රමාණය අතරින් බහුතරය බලය බෙදීම සහ ස්වයංපාලනය ආදි කරුණු යැයි අනාවරණය කරයි.

උතුරු පළාතේ ගෘහ මූලිකයා කාන්තාවන් වන පවුල් 40 000ක් ඇති බව පෙන්වා දෙන ආචාර්ය සරවනමුත්තු එවැනි දැවෙන ප්‍රශ්න පිළිබඳ උතුරු පළාත් සභාව අවධානය යොමු නොකිරීම කනගාටුදායක බව ද පෙන්වා දෙයි. මෙම ගැටලු ආමන්ත්‍රණය කිරීමට දෙමළ සන්ධානයට සැලැස්මක් තිබිය යුතු බව පවසන ආචාර්ය සරවනමුත්තු උතුරේ සංවර්ධනයට ප්‍රබල ආර්ථික සැලසුමක අවශ්‍යතාව අවධාරණය කරයි.

උතුරේ ජනතාව මේ පිළිබඳ මනා සංවේදිතාවකින් සිටින බව පවසන ආචාර්ය සරවනමුත්තු ඉදිරි මැතිවරණවලදී උතුරේ ජනතාවට පිළිතුරු දීමට සිදුවනු ඇතැයි ද පවසයි.

උතුරු පළාත් සභාවේ මෙම වැඩපිිළිවෙළ බෙදුම්වාදයට එරෙහි බලවේග මීට පෙර හෙළිදරව් කළ ද උතුරේ ජනතාවගේ එකම නියෝජිතයා තමා යැයි කියාගන්නා දෙමළ ජාතික සන්ධානය ආචාර්ය සරවනමුත්තු වැන්නකු අතින් මෙලෙස විවේචනයට පාත්‍ර වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස