ජාතික ගැටලුවට විසඳුම සන්නද්ධ අරගලයක් නම් ඒ ගැන හිතන්න වෙනවා! – සම්බන්ධන්

July 2, 2019 at 8:54 pm | by emanisa.lk

ජාතික ගැටලුවට විසඳුම් ලබාගත හැක්කේ ආයුධ සන්නද්ධ අරගලයක් මගින් පමණක් යැයි සිතන්නේ නම් ඒ පිළිබඳ සිතා බැලීමේ අවශ්‍යතාවක් මතු වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.

ඉදිරි මාස තුන ඇතුළත ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටලුවලට අවංක විශ්වසනීය විසඳුම් ලබා නොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් මගින් ඒ සඳහා විසඳුම් ලබාගැනීමට සූදානම් බවට වන යෝජනාවක් තමිල් අරිසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සිය පක්ෂය ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ.

තමිල් අරිසු කච්චි පක්ෂයේ 16 වෙනි සමුළුවට එක්වෙමින් යාපනය වීරසිංහම් ශාලාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස