බැඳුම්කරෙන් ඇනගත් සුජීව ආයෙත් ඇනකොන්ඩා! සජිත් හෝදන්න ගොස් දේශපාලනයෙන් සමුගන්න වෙයි!

October 23, 2019 at 11:56 am | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාසගේ දූෂණ වංචාවක් පිළිබඳ කිවහොත් තමා ඉල්ලා අස්වන බව පැවසූ ඇමති සූජීව සේනසිංහ වර්තමාන ආණ්ඩුවේ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අනුව දේශපාලනයෙන් සමුගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අවධාරණය කළේය.

2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ හරි අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය නෑ තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

2015 ජනවාරි 15 වන දා සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාරතාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැන කතා කරන්නයි. සාක්ෂි සහිතව ඔප්පු කරන්නයි.

නීති විරෝධිව සේවකයින් 1117ක් බඳවා ගැනීමෙන් ද වසර 60ට වැඩි සේවකයින් තිස්දෙනෙකුට සේවා දිගු ලබා දීමෙන් ද මහජන මුදල් කෝටි 64ක් අවභාවිතා කර ඇති බැවින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දූෂණය කියන වරදට නඩු පවරන්න කියා මේ වාර්තාවේ සඳහන් වෙනවා.

මේ වාර්තාවට අනුව වගකිවයුකු පුද්ගයන් විදිහට අංක එකට සඳහන් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අතිශයින්ම සමීපයි කියලා එක්සත් ජාතික පක්ෂයේම අය විසින්ම කියන ජනාධිපතිතුමා පත් කළ කොමිසන් සභා වාර්තාවේ තමයි කියන්නේ සජිත් දූෂිතයෙක් මහජන මුදල් කෝටි හැට හතරක් අව භාවිත කරපු කෙනෙක් ඔහුට විරුද්ධව දූෂණයට විරුද්ධව නඩු දැමිය යුතුයි වහාම කියලා,

ඔන්න සුජීව ඇමතිතුමනි, ඔබතුමා ඉල්ලුවේ තොරතුරක් පමණක් වුණාට අපි සාක්ෂි සහිතව වාරතාවක්ම ඉදිරිපත් කලා. දැන් ඉතින් දේශපාලනයෙන් සමු ගන්න කාලය හරි කියලා එතුමාට සිහිපත් කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස