එජාපය හයිජැක් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ! රටම ඉල්ලන්නේ සජිත්! – සුුජීව (video)

August 3, 2019 at 10:56 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ‘හයිජැක්’ කිරීමට උත්සහ කරන බාහිර බලවේගයන්ට කිසිදු ආකාරයකින් ඒ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සුජීව සේනසිංහ අවධාරණය කරයි.

ඇතැමුන් බාහිර පාර්ශවවල සහයෙන් බලය රැකගැනීමේ උත්සාහයක නිරතව සිටින බවට ද ඔහු චෝදනා කරයි.

ඇමතිවරයා එබව සඳහන් කළේ ඊයේ (02) සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

”පසුගියදා අරලියගහ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාපය අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම සහ එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා බහට ලක්වුණා.

රැස්වීමට සහභාගී වන අවස්ථාවේ දී සන්ධාන ව්‍යවස්ථාවේ පිටපත් අපිට ලැබිලා තිබුණේ නැහැ. දෙදහස් දහඅට දෙසැම්බර් මාසයේ ආකෘතියක් තිබ්බා. තව ආකෘතියක් තිබ්බා. අපි දන්නේ නැහැ ඊට පස්සේ කීයක් ආකෘති තිබ්බද කියලා. එහිදී අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කිරීමෙන් පසුව විනාඩි 45කට විතර පස්සේ ව්‍යවස්ථාවේ කොපියක් ලබා ගැනීමට හැකිවුණා.

අගමැතිතුමා අපිව එදා කැඳවලා අපිට එදාම සම්මත කරන්න කියලා කිව්ව ව්‍යවස්ථා කෙටුම්පත, එදා උදේ වෙනකොටත් නැවත යම්කිසි ආකාරයක වෙනස්කම්වලට භාජනය වී තිබුණා. එනිසා අපිට හරියට කියවන්නේ නැතුව එහෙම සම්මත කරන්න බැහැ. මොකද මේක නීත්‍යානුකූල ලියවිල්ලක්. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න ඕනේ. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉතින් හැම එක්කෙනාටම ඉංග්‍රීසි භාෂාව මනාව හසුරුවන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා.

ඉතින් එදා මම ඉල්ලා හිටියේ මේකේ හදිස්සියක් නැහැ. අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් මැතිවරණයක්. ඒ ශක්තිය එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට කාලය ලබා දෙන්න කියලා. පස්වෙනිදා ම මේක අත්සන් කරන්න හදිස්සි වෙන්න එපා කියලා.

ඊට පෙර මම සඳහන් කරා අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමයි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී සියලු දෙනාම වගේ ඒ යෝජනාවට එකඟවුණා. ඒ අවස්ථාවේදී මම යෝජනා කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම. අපේ ගමේ, අපේ ආසනේ, අපේ රටේ තියෙන ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කරා.

ඉතින් වෙන නම් නැත්නම් එතුමා අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්න කියලා අපි කිව්වා. වෙන නම් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, මන්ත්‍රී කණ්ඩායමත් එකමුතුව සාකච්ඡා කරලා ඒ වෙනුවෙන් ගන්න ඕනෑම තීන්දුවකට අපි එකඟයි කියන කාරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙසයි ඉදිරිපත් කරේ.

ඉතින් ඒකට පක්ෂව මන්ත්‍රීවරු විශාල පිරිසක් අදහස් ප්‍රකාශ කරා, මම හිතන්නෙ විසි ගානක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ අවස්ථාවේදී යම්කිසි මත ගැටීමක් ඇති වුණා. පස්වෙනිදා සන්ධානය අත්සන් කරනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස