සජිත්ට බයේ රාජපක්ෂ පවුලම රට පනින්න හදනවා! – සුජීව සේනසිංහ

September 27, 2019 at 8:22 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබා දීමත් සමග ගෝඨාභය රාජපක්ෂ බියවී ඇමරිකාවට පැන යෑමට සූදානම් වන බව ඇමැති සුජීව සේනසිංහ පවසයි.

සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය දීමත් සමග මහින්ද රාජපක්ෂ විසින් වීසා සූදානම් කර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

සජිත්ට බිය වී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ම රට පනින්න සුදානමින් සිටින බව ද සේනසිංහ හෙළි කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) මතුගම දී පැවැති සජිත් එනවා ජනරැළිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස