ශ්‍රී ලංකාව තෘප්තිමත් ජීවිත ගතකරන රටවල් අතර ඉහළට…. ඇමති සුජීව

April 6, 2019 at 8:41 pm | by admin

ශ්‍රී ලාංකික ජනතාව ලෝකයේ තෘප්තිමත්ම ජීවිත ගතකරන මිනිසුන් සිටින රටවල් අතර පසුගිය වසර තුන තුළ ස්ථාන දහයක් ඉදිරියට පැමිණ ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය සුජීිව සේනසිංහ පවසයි.

“අපි ඉතාමත් දියුණු මට්ටමට දැන් ඇවිත් තියෙනවා. Happiness index කියලා ලෝකයේ සතුටින් ඉන්න ජනතාව මනිනවා. ඒකේ අපි ස්ථාන දහයක් ඉදිරියට ඇවිත් පසුගිය අවුරුදු තුනේදී.”

කෙසේ වුවද මෑතක එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ World Happiness Report 2019 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 130 වන තැනට පත්ව තිබේ. ලොව පුරා රටවල් 156 ක් ඇසුරින් සකස් කරන ලද වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයේ 116 වැනි ස්ථානයේ පසු වූ අතර වසරක් ඇතුළත, ස්ථාන 14 කින් ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ.

මෙයට පෙර මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත යනුවෙන් පොතක් ලියමින් බැඳුම්කර වංචාවක් සිදු නොවූ බව ප්‍රකාශ කළේ ද ඇමති සුජීව සේනසිංහය. කෙසේ වුවද මේ වන විට බැඳුම්කර හොරු පිරිසක් සිරගත කර ඇති අතර ප්‍රධාන සැකකරු රටින් පළා ගොසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස