පුරවැසිකම ඉවත් කළ නම් ෆෙඩරල් රෙජිස්ටරයේ පළවීම ප්‍රමාද වෙනවා! – ඇමරිකානු තානාපතිනිය

August 21, 2019 at 7:57 am | by emanisa.lk

එක්සත් ජනපද පුරවැසිභාවයෙන් ඉවත්වන අයෙකුගේ දත්ත එරට ෆෙඩරල් රෙජිස්ටරයෙහි බොහෝ විට පළ කෙරෙන්නේ මාස කිහිපයක් ගතවීමෙන් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන කළ විමසීමකදී ඇය මෙසේ සඳහන් කළාය.

කොළඹ තානාපති නිල නිවසේදී මාධ්‍යවේදීන් කණ්ඩායමක් හමුවූ අවස්ථාවේ වැඩිදුරටත් ඈ සඳහන් කළේ, පුරවැසිභාවයෙන් ඉවත්වීම පරිපාලනමය ක්‍රියාවලියක් බවය.

“ඔබ අවශ්‍ය පියවර අනුගමනය කළොත්, අවසානයේදී ඔබ පුරවැසිභාවයෙන් ඉවත් වෙනවා.” ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, එක්සත් ජනපද නීතිය අනුව පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශක්තිමත් නීති රාමුවක් පවතින බැවින්, තමන්ද ඒ නීතියට අවනත විය යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස