ත්‍රස්තවාදය පරාජය කරන හැටි ගෝඨාගෙන් ඉගෙනගනිල්ලා! ඇමරිකානු හිටපු තානාපති කොළඹටම පැමිණ වැඩබැරි ආණ්ඩුවට කනට ගසා කියයි!

May 8, 2019 at 12:28 pm | by admin

ඇමරිකාවට 9/11 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහ පසු ඇමරිකාව අතින් සිදු වූ අත්වැරදීම්වලින් ශ්‍රී ලංකාව උගත යුතු බවත් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරන සමයේ පිහිටුවා තිබූ ආකාරයේ විශේෂඥ තාක්ෂණික කමිටුවක් වර්තමාන ආණ්ඩුව විසින් ද පිහිට විය යුතු බව ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් මහතා පවසයි.

පසුගියදා කොළඹ පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයට මූලික හේතුව ඇමරිකාවේ CIA, FBI බුද්ධි අංශ සහ නීති අංශ අතර මනා සන්නිවේදනයක් සහ බුද්ධි තොරතුරු හුවමාරුවක් නොතිබීම බව පෙන්වා දුන් ඔහු අනතුරුව ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා එම සියලු ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිට වූ බවත් ඔවුන් සතිපතා රැස්වෙමින් රටේ ආරක්ෂක තත්ත්වය සහ රට හමුවේ ඇති තර්ජන පිළිබඳ සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් දැනුම්වත් කළ බව ද සඳහන් කළේය.

ඒ නිසා 2001 අල්කයිඩා ප්‍රහාරයට පසු මෑත කාලයේ ප්‍රංශය ආදී රටවල සිදු වූ ආකාරයේ කිසිදු ප්‍රහාරයක් ඇමරිකාවට එල්ල කිරීමට සතුරාට නොහැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. කොටි ත්‍රස්තවාදය පැවති සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි විශේෂඥ කමිටුවක් පත් කර රටේ සියලු බුද්ධි අංශ ඒකාබද්ධ කර ඔවුන් අතර සියලු බුද්ධි තොරතුරු බෙදාහදා ගෙන බොහෝ ප්‍රහාර වළක්වා ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ ආකාරයට වර්තමාන ආණ්ඩුව ද එවැනි කමිටුවක් පත් කර කටයුතු කළ යුතු යැයි හිටපු තානාපතිවරයා අවධාරණය කරයි.

2015 ආණ්ඩු මාරුව සඳහා ඇමරිකාව විශාල මුදලක් වෙන් කළ අතර කිසිම ඇමරිකානු නිලධාරියකු වර්තමාන ආණ්ඩුව දුර්වලතා මේ ආකාරයට කිසිම අවස්ථාවක විවේචනය කළේ නැත. බුද්ධි අංශ දුර්වල කිරීම මෙවැනි ප්‍රහාරයකට රට ගොදුරු වීමට මූලික හේතුව බව බොහෝ පාර්ශව විසින් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස