ගෝඨා ඇමරිකාව එක්ක ගිවිසුමක් ගැහුවාද?

May 18, 2019 at 11:42 am | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා එවකට ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් මහතා අතර 2007 අත්සන් කොට ඇති ගිවිසුමක් මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. මෙය යොදාගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ නැගෙනහිර පලාතේ ඇමෙරිකානු යුධ කඳවුරක් පිහිටුවන්නට ඉඩම් අක්කර දහස් ගනනක් ලබාදෙන්නට යාම සාධරනීකරණය සඳහා ඇමෙරිකාව සමග මුලින්ම ගිවිසුම් ගැසුවේ ගෝඨාභය කියා කීමටයි

ඉංග්‍රීසි බසින් ඇති මේ ලියවිල්ල හැකි නම් කියවන්න නැත්නම් දන්නා කෙනෙකු ලවා හෝ කියවාගන්නා ලෙස මෙය හුවමාරු කරගනිමින් වැරදි මතයක් ජනගත් කරන්නට දැන හෝ නොදැන උත්සාහ කරන්නන් ගෙන් ඉල්ලා සිටිය යුතුයි.

මේ ගිවිසුම ලංකාවේ ඉඩම් විදේශිකයන්ට ලබාදීමේ යහපාලන කුමන්ත්‍රණයට කිසිදු ආකාරයකින් සම කල නොහැකියි.

ඒ පලමු වරට ගෝඨාභය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් නොව රජයන් ගනනාවක් යටතේ සෑම වසර 10 කටම වරක් අලුත් කරනා සාම්ප්‍රදායික ගිවිසුමක්. 2007 එය කල් පිරී තිබු නිසා අළුත් වූවා පමනයි.

මුලින් කීවාක් මෙන් ඉංග්‍රීසි බසින් ඇති මෙම ගිවිසුම කියවා බලන කෙනෙකුට පෙනෙනවා එහි අන්තර්ගතය කුමක්ද කියා.

එහි කියා තිබෙන්නේ අනාගතයේ දවසක යම් අවශ්‍යතාවක් පැමිණිය හොත් දෙරටේ හමුදාවන් අතර ආහාර, වතුර, බෙහෙත්, සන්නිවේදන උපකරණ, ප්‍රවාහණ හා ගබඩා පහසුකම් වැනි මූලික දේ හුවමාරු කරගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයයි. මේ ගිවිසුමට ආයුධ අයත් නොවන බව එහි පැහැදිලිවම කියා තිබෙනවා.

ඉතින් වසර 10 කට වරක් අලුත්වන මේ ගිවිසුම පෙන්වා ලංකාවේ යුධ කඳවුරු පිහිටුවන හොර ගිවිසුම වහන්නට උත්සාහ කරන්නේ ලංකාවේ ජනතාව මෝඩයන් යැයි රනිල්ගේ මඩ ප්‍රචාරක කණ්ඩායම තදින්ම විශ්වාස කරනා නිසායි.

ලැම්බොගිනි කාර්, ඩුබායි ගිනුම්, රත්තරන් කන්ටේනර් විශ්වාස කළ එදා මෙන්ම අදත් රැවටෙන අය ගැන අනුකම්පා කිරීම හැර කළ යුත්තේ කුමක්දැයි අපට සිතා ගත නොහැකියි.

ආචාර්ය නාලක ගොඩහේවා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස