කිරින්දේ සිද්ධියට පොහොට්ටුවේ ප්‍රබලයා පටලවන්න ප්‍රබල ඇමති බරටම වැඩ!

September 28, 2019 at 4:34 pm | by emanisa.lk

ඊයේ (28) මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සිටින බවට ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයකු සහ ඔහුගේ සමාජ මාධ්‍ය කණ්ඩායම ගෙන යන ද්වේෂ සහගත ප්‍රචාරයට එරෙහිව තමා පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සයිබර් අපරාධ අංශයට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

මෙම අසත්‍ය ප්‍රචාරය මගින් සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති කර එය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම මත පැටවීම මෙහි අරමුණ බවට ඔහු චෝදනා කරයි. මේ අතර ඇමති මංගල සමරවිරගේ සමීපතමයන් විසින් පවත්වා ගෙන යන theleadre වෙබ් අඩවියට පවසා තිබුණේ මාතර සිද්ධියට සම්බන්ධ ප්‍රධානියා කාංචන විජේසේකරගේ ගෝලයකු බවය.

මෙම අසත්‍ය ප්‍රචාර නිසා තමාගේ සමාජමාධ්‍ය පිටුවලට ද යම් යම් සීමා අවහිර කිරීම් සිදුකර ඇති බව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නිරීක්ෂණ කණ්ඩායම මෙහෙය වන්නේ හිටපු එජාප මහ ලේකම්වරයකු වන හර්ෂ අබේවර්ධනගේ පුතා වන සෙනුර අබේවර්ධන බවත් ඔහු කෝට්ට ආසනයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකයකු මෙන්ම එජාප තරුණ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු බව ද සඳහන් කර තිබේ.

මේ වන විට එජාප ආණ්ඩු විරෝධී පෞද්ගලික ෆේස්බුක් ගිණුම් සිය ගණනක් මෙන්ම පිටු විශාල ප්‍රමාණයක් ද අවහිර කර ඇති බවට චෝදනා නැඟෙයි. කෙසේ වුවද යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සඳහා දහ අතේ පොරොන්දු දෙමින් බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස