බුද්ධි අංශ සිරගත කිරීමයි ත්‍රස්ත ප්‍රහාරයයි අතර කිසිම සම්බන්ධයක් නෑ! – ඇමති මංගල

April 28, 2019 at 9:28 am | by admin

බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කිරීම සහ පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය හමුවකදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,

“බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් අත්අඩංගුවේ ඉන්නව නම් ඔවුන් ඒ ඉන්නේ බුද්ධි අංශයේ රාජකාරි කටයුතු කිරීම නිසා නොවෙයි. සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදු කරලා හෝ ඊට සැක පිට තමයි ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ. නීතිය කාටත් පොදුයි. බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත්. එහෙම නැති වුණොත් වෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට ඕනෑම වරදක් කරන්න පුළුවන් කියලා මතයක් ඇති වෙන එකයි.” යනුවෙනි.

කෙසේ වුවද බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම සිදු කෙරී ඇත්තේ බෙදුම්වාදයට හිතැති කණ්ඩායම්වල පැමිණිලි සහ බලපෑම් නිසා බව බොහෝ දෙනාගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස