එජාප නියෝජ්‍ය නායකකම නොදුන්නැයි හරීන් නිහඬවෙයි!

November 5, 2019 at 10:23 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සඳහා වෙහෙසුණු පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ වනවිට ප්‍රචාරණ කටයුතුවලින් ඈත්ව නිශ්ක්‍රීය වී සිටින බව වාර්තා වේ.

එජාප නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු කළ ඉල්ලීමක් සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවී ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කරවීම සඳහා වැඩියෙන්ම ක්‍රියාකාරී වූ පුද්ගලයා ලෙස තමන්ට එජාප නියෝජ්‍ය නායකත්වය හිමිවිය යුතු හෙයින් එය ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු ඉල්ලීම් කර ඇත.

මේ මොහොතේ එවැන්නක් කළ නොහැකි බවත් ඊට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් පෙන්වා දෙමින් ජනාධිපතිවරණය සහ ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස සජිත් ප්‍රේමදාස විසින් හරීන් ප්‍රනාන්දුට දැනුම් දී ඇත.

ඒ පිළිබඳ කළකිරීමෙන් යුතුව හරීන් ප්‍රනාන්දු ප්‍රචාරක කටයුතුවලින් දුරස් වී කාලය ගත කරන බව ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස