උදෑසන මෛත්‍රී රනිල් හමුවෙයි! සවස හදිසි කැබිනට් හමුවක්! විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සැලසුමක්!

September 19, 2019 at 12:39 pm | by emanisa.lk

විශේෂ කැබිනට් රැස්වීමක් අද (19) පස්වරු 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වූ 20 වන ව්‍යවස්ථා සංශෝධණය ගෙන ඒම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබදව එහිදී මූලික වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

ජීවිතාන්තය දක්වා වැටුප් ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ විරෝධතාවක නිරත වන අතර විශේෂ කැබිනට් හමුවක් කැඳවා ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නැයි ඊයේ (18) මහා සංඝ රත්නය ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස