රනිල් ජනාධිපති වුණොත් ඒ පදවිය කෙතරම් දුෂ්ටදැයි තේරෙයි! – සරත් විජේසූරිය

March 17, 2019 at 6:43 am | by admin

පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ඇති වී තිබෙන බෙදීමෙන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී.

ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබා දී ඇතැයි ද තමන් උපකල්පනය කරන බව ද මහාචාර්යවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මෙම ධුරය කෙතරම් දුෂ්ට පදවියක්දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ද උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස