ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ නොවන කෙනෙක් දිනවන්න අපි සූදානම් නෑ! ගමේ මිනිහා අකමැති කෙනෙකුට අපේක්ෂකත්වය ලැබෙන්නෙත් නෑ!

February 11, 2019 at 1:21 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොවන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සිය පක්ෂයේ සාමාජිකයන් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නැති බත් එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

“ශ්‍රි ලංකා පොදුජන පෙරමුන ගොඩනැගුනේ ගමෙන්. පක්ෂයේ නායකත්වය හදන්න කලින් සාමාජිකයා හැදුනු පක්ෂයක්.

ඒ විදියටම පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සැකසීමේ කටයුත්ත සිද්ධ වෙන්නෙත් ගමෙන්. ගමේ පාක්ෂිකයාට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙය වන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ.

ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.”

අද (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස