ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක්!

February 24, 2019 at 11:21 am | by admin

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනාධිපති අගමැති මෙන්ම විපක්ෂ නායක ද මේ වන විට කැමැත්ත පළ කර ඇති බැවින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3ක බහුතර ලබා අනුමත කරගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පනත පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක අනුමැතිය ලබා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා ජනමත විචාරණයකට යා යුතු බව ප්‍රකාශ කළහොත් ජනමතවිචාරණයක් කැඳවිය යුතුය.

මේ පිළිබඳ ගතයුතු තීන්දු තීරණ පිළිබඳ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය ඇතුළත සිදු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස