උගත් මිනිස්සු විදෙස් විදෙස් පුරවැසියකුට ඡන්දේ දෙන්නේ නෑ! මුළු රටේම බහුතර ඡන්දයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරනවා! – පාඨලී

September 27, 2019 at 8:44 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති මත පදනම්ව ඉදිරියට යන බවත් අනිවාර්යෙන්ම ජයගන්නා බවත් අමාත්‍ය පාඨලි චම්පක රණවක පවසයි.

කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සදහන් කළේය.

රටේ දැන උගත් ජනතාව විදේශ පුරවැසියෙක්ට හෝ මංකොල්ලාකාරී පුද්ගලයෙකුට ජනවරමක් නොදෙන බවත් පැවසු අමාත්‍යවරයා, ආණ්ඩුවේ අඩුපාඩු තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන් ආණ්ඩුව ජයග්‍රහණය කර වීමට ජනතාව එක්වෙනු ඇතැයිද කියා සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අපරාධකරුවන් සමඟ ගනුදෙනු කරන බවත් පොලීසිය සහ ඇතැම් ඇමතිවරුන් පවා අපරාධකරුවන් සමඟ කල්ලි ගැසී ඇති බවත් හෙතෙම පැවසීය.

උතුරු නැගෙනහිරින් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මුළු රටෙන්ම ජයග්‍රහණය වාර්තා කරන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස