පාඨලීීගේ විද්‍යාත්මක ආණ්ඩුකරණය අතේ පත්තු වෙයි! විද්‍යාත්මක ඇමති මණ්ඩලෙන් පටි රෝල්…

February 21, 2019 at 3:45 pm | by admin

විද්‍යාත්මක ආණ්ඩුකරණය හඳුන්වා දීමට කලින් ජනතාතවට පොරොන්දු වූ පරිදි විද්‍යාත්මක ඇමති මණ්ඩලය පත් කරන ලෙස පාඨලි චම්පික රණවක ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

මා මිත්‍ර පා. ච. රණවක ඇමතිතුමා ඊයේ ප්‍රකාශයක් කරනවා විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ඕනෑ කියලා. එතුමා ම තමයි ජනාධිපතිවරණය කාලේ කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව වගේ නෙවෙයි අපි බලයට ආවොත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරනවා කියලා ඔබට මතක ඇති. කොහොමද මේ අයගේ ඇමති මණ්ඩලය එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් තිහයි පත් කරන්න පුළුවන් කියලා මේක 48 දක්වා වැඩි කළා. ඒකත් විද්‍යාත්මක ක්‍රමය වෙන්න ඇති.

ඊළඟට පත්කරා ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමති. සමහර විට විද්‍යාත්මකයි වගේ පේනවා මොකද උසස් අධ්‍යාපනය දරුවන්ට අධ්‍යාපනයට වඩා වැඩිපුර ලැබෙන්නේ ජල ප්‍රහාර. එහෙම බැලුවොත් නම් විද්‍යාත්මකයි. ඊට කලින් තිබුනේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන. ඒකත් හරිනේ දෙයියනේ ඇයි ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්නවාට වඩා ඉන්නේ මහ පාරේ එහෙම බැලුවොත් මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යාත්මකයි.

දැන් තියනවා වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය. මං දන්නෙ නෑ වන ජීවීන්ගෙන් කීදෙනෙක් ක්‍රිස්තියානි ආගම අදහනවා ද කියලා නමුත් එහෙම අමාත්‍යාංශයක් හදලා තියෙනවා. ඒ වගේම මංගල සමරවීර ඇමතිතුමා නායකත්වය දෙන්නේ මුදල් හා ජනමාධ්‍ය. මුදල් සහ ජනමාධ්‍ය කියන විෂයන් දෙකම එකින් එකට පෑහෙන්නේ නැති ඒ වගේම වෙන වෙනම අමාත්‍යවරයෙක් ගේ අවධානය යොමු විය යුතු විෂයයන් දෙකක්.

ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙන් ම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ ඇමතිවරයාට ගැසට් කරලා පිටරටවල ලොතරැයි විකුනන්න පුලුවන්ද කියල උත්සාහයක් දැරුවේ.

ඒ වගේම තව එකක් තියෙනවා වර්තමානයේ අගමැතිතුමා යටතේ තියෙනවා උතුරු පළාත් සංවර්ධන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය. උතුරු පළාතේ ඇමතිවරයෙක් වන රිෂාඩ් ඇමතිතුමා යටතේ තියෙනවා දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ඇමති. එතකොට උතුරේ කෙටිකාලීනව අවතැන්වූ පුද්ගලයන් රනිල් මහත්තයගේ පදිංචි කරනවා. දිගුකාලීන කෙනෙක්නම් ඔයා මට නෙවෙයි රිෂාඩි ඇමැතිතුමාටයි අයිති කියලා මාරු කරන්න වෙන්න ඇති. සමහරවිට අම්මයි තාත්තයි අවතැන් වෙනවා අවතැන් කඳවුරේ ටිකක් ඉන්නකොට දරුවෙක් හම්බෙනවා දැන් මොකද වෙන්නේ අම්මයි තාත්තයි දිගුකාලීනව අවතැන් වෙලා පස්සේ උපන් දරුවා කෙටිකාලීනයි. අම්මයි තාත්තයි වෙනම අරගෙන රිෂාඩ් යනවා පුංචි බබාව යළි පදිංචි කරවන්න අගමැතිතුමා යනවා.

මේ වගේ විද්‍යාත්මක ක්‍රමයට තමයි ඇමති මණ්ඩලය පත්කළ තියෙන්නේ. ඒ නිසා අපි ගරු රණවක ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා විද්‍යාත්මක ආණ්ඩුකරණය ගේන්න කලින් පොරොන්දු වුන ආකාරයට විද්‍යාත්මක ඇමති මණ්ඩලය හඳුන්වා දෙන්න කියලා..

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස