ඇමති රිෂාඩ්ගේ සහාය ලබන ජනාධිපති අපේක්ෂකයා මෙවර පරදිනවා නියතයි! – ගම්මන්පිල

August 5, 2019 at 9:38 pm | by emanisa.lk

ඇමති රිෂාඩ් බදියුදීන් සමග මේ රටේ ජනතාව සිටින්නේ දැඩි වෛරයකින් බවත් ඔහුගේ සහාය ලබන ජනාධිපති අපේක්ෂකයා මෙවර පරාජයට පත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

රිෂාඩ් බදියුදීන් දිනන අපේක්ෂකයාට තම සහාය හිමි වන බවට කළ ප්‍රකාශය පිළිබඳ අද (05) පිිවිතුරු හෙළ උරුමය පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළ විට ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා ගේ සහාය ලැබෙන කෙනා මෙවර පරාජයට පත්වෙනවා. මොකද එතුමත් එක්ක මේ රටේ ජනතාව ඉන්නේ පුදුම වෛරයකින් සහ කළකිරීමකින්. ඒ නිසා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාගේ සහය මෙදා පාර ප්‍රාර්ථනා කරන්නේ පරාජය රසවිඳීමට කැමති අය විතරයි.”

“එතුමා සහය දුන් අපේක්ෂකයා ඡන්ද තුනකදී ජයග්‍රහණය කළ බව ඇත්තයි. නමුත් අටලෝ දහමින් කියවෙනවානේ සැපක් ලැබුණොත් දුකක් ලැබෙන බව. ජයග්‍රහණයක් ලදහොත් පරාජයක් ලබන්නට සිදුවන බව. රිෂාඩ් බදියුඩීන් අමාත්‍යතුමනි ඔබගේ ජයග්‍රාහී යුගය අවසන්.”

“දැන් උදාවන්නේ ඔබ පරදින යුගයයි; මේ ත්‍ර්සතවාදය පරදින යුගයයි; අන්තවාදය පරදින යුගයයි; පරිසර විනාශකයන් පරදින යුගයයි; කියන එක මම නොවෙයි මේ රටේ ජනතාව නොවැම්බර් මාසයේ ඔප්පු කරලා පෙන්නාවි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස