සුමන්දිරන්ට එරෙහිව දෙමළ සන්ධානයෙන් ප්‍රහාරයක්! මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් එළවන්නැයි කියයි!

May 13, 2020 at 2:18 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් ඉවත් කරන්නැයි එම සන්ධානයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

සන්ධානයේ පොදු මතයට වෙනස් මත දිගින් දිගටම මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම නිසා තමා මෙම ඉල්ලීම කළ බව මන්ත්‍රී නිර්මලනාදන් පෙන්වා දී තිබේ.

දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ පිළිබඳව අදහස් දක්වමින් දෙමළ පුවත්පතකට පවසා තිබෙන්නේ එය චාර්ල්ස් නිර්මලනාදන්ගේ පෞද්ගලික මතය මිස දෙමළ ජාතික සන්ධානයේ මතය නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස