UNP, TNA සහ JVP එකතුව නැවතත් බල පෙරළියකට සැරසෙයි! කරූ ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවන්න සූදානම්!

April 22, 2020 at 6:27 pm | by emanisa.lk

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව රැස් නොකර සිටියත්, කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ඇති බවට ඉදිරිපත්ව තිබෙන නීති තර්කය පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නොත් පාර්ලිමේන්තුව කැඳවීමට හිටපු කතානායක කරූ ජයසූරිය සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ වන විටත් දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශේෂ්ඨාධිකරණයට යන බව සඳහන් කර තිබේ.

කෙසේ වුවද හිටපු කතානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ උක්ත නීති තර්කය පාවිච්චි කරමින්, තමන් මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු නොවන බවය. එසේ වුවහොත් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවනු ඇති බව ඔහු කියා තිබේ.
කෙසේ වෙතත්, එම නීති තර්කය මත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමක් සිදුකළොත් ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව ඇති බව ඔහු කියා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස