කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අධානම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමන් මේ ගැන ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වු බවත් කොරෝනා වසංගතය සමග ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔහු එහි සඳහන් කරයි.
I had a good call with @GotabayaR, President of #SriLanka, on #COVID19 today. We discussed health and economic impacts #COVID19 can have on his country and the whole region. I thanked him for mobilizing the whole-of-government in the fight against the #coronavirus. Together!
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) March 31, 2020