තෙල් මිල වැටීමේ වාසිය මුළු රටටම! පරිප්පු රු.65යි! සැමන් රු.100යි!

March 18, 2020 at 9:51 am | by emanisa.lk

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙස උපදෙස් දුන්නේය.

රටේ ප්‍රධාන අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන ගැනීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා රට වැසියාගේ පහසුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක් වන පරිප්පු සහ සැමන්වල මිල අඩු කිරීමට නියම කළේය.

ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට  පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද ජනාධිපතිවරයා නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස