මුල් දෙසතියේ ලංකාවේ තත්ත්වය එංගලන්තෙට වඩා දරුණුයි! එංගලන්තේ 9යි.. ලංකාවෙි 100යි.. දැන් එංගලන්තේ 12000යි!

March 27, 2020 at 1:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයේ මුල් සති දෙකක කාලය එංගලන්තයෙන් මුල් සති දෙක කාලයට වඩා ඉතා ඉහළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එංගලන්තය තුළ මුල් සති දෙකක කාලයේදී වාර්තා වූයේ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු පමණක් යැයිද ශ්‍රී ලංකාවේ මුල් සති දෙක තුළ කොරෝනා රෝගීන් සියයක් වාර්තා වූ බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

දින 35කදී එංගලන්තයෙන් රෝගීන් 110ක් වාර්තා වූ බවත් ශ්‍රී ලංකාව දින 35කදී කුමන තත්ත්වයකට යාවිදැයි තීරණය කරන්නේ ජනතාව හැසිරෙන ආකාරයට බවත් ඔහු පැවසීය.

හිරු බලය රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට එංගලන්තයේ කොරෝනා රෝගීන් 11658ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යංව 578කි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස