මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගත යුතුයි! – මහින්ද

May 19, 2019 at 12:23 pm | by admin

නැඟෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2013 වසරේ කාර්මික අධ්‍යාපන ආයතනයක් ලෙස ආරම්භ කර අනතුරුව 2015 වසරේ විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචි කළ ෂාරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරා ගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අැති මෙය ආසියාවෙි විශාලතම ඉස්ලාම් විශ්වවිද්‍යාලය ලෙස සැලකෙයි. මෙහි ෂාරියා නීතිය ඇතුළු අන්තවාදී මතවාද ප්‍රවර්ධනයට කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි චෝදනා නැඟෙයි.

විපක්ෂ නායකවරයාගෙන් මෙම විශ්වවිද්‍යාලය නියාමනය කළ යුතු දැයි මාධ්‍යවේදීන් නැඟූ පැනයට පිළිතුරු ලෙස මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස