රිෂාඩ් සාලි හිස්බුල්ලා ඉවත් කරන්න! සංඝ සන්දේශයක් ජනාධිපති අතට!

May 23, 2019 at 9:36 am | by admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය සහ අනුබලය දුන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරන සියලුම තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික සංඝ සම්මේලනය ඊයේ (22) භාර දුන්නේය.

භික්ෂූන් වහන්සේලා පිරිස අද කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකද නිරත වූහ.

සත්‍යක්‍රියාවෙන් පසුව භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට සංදේශය භාර දීම සඳහා නිදහස් චතුරස්‍රයේ සිට වාහන කිහිපයකින් කොළඹ ගාලුමුවදොර පිටිය අසලට වැඩම කළහ.

පසුව භික්ෂූන් වහන්සේලා පිරිස කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් වැඩම කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස