මේක සිංහල බෞද්ධ රටක් කියන කාදිනල්ලා කාඩ්බෝඩ් වීරයෝ! – ඇමති මංගල

May 12, 2019 at 11:10 am | by admin

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. මාතර එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

“මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න නම් කියන්න, මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්, ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා.”

“නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයන්ගේ රටක් කියලා. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. අද පුරවැසිකම ගත් කෙනාට අවුරුදු 1000ක් මේ රටේ ජීවත් වුණ අයට තියෙන සියලුම අයිතිවාසිකම් තියෙනවා. ඒක තමා පුරවැසිකම කියන්නේ” යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඊයේ ද (11) ප්‍රකාශ කළේ ලංකාව සිංහල බෞද්ධ රටක් බවය. මුස්ලිම් කතෝලික ජනතාව එහි සංස්කෘතියට අනුතව ජීවත් වන්නේ නම් කිසිම ගැටලුවක් පැන නොනඟින බවය. එය සිංහල බෞද්ධයන්ට උවමනා විදිහට ජීවත් වීමක් නොව රටේ මුල් බැස ඇති සංස්කෘතියට අනුගත වීමය. අපි විදෙස් රටකට ගිය විට ද අපට ඒ රටේ සංස්කෘතියට සිරිත් විරිත්වලට අනුගතව ජීවත්වීමට සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස