සන්ධාන මහ ලේකම් ධුරයට මන්ත්‍රී හයක් එපා! සජිත් පිලේ චන්ඩින්ට රනිල්ගෙන් තවත් ප්‍රහාරයක්!

February 3, 2020 at 9:43 am | by emanisa.lk

එජාපයේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අයගෙන් කිසිවකුත් පත් නොකරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇත.

එම හයදෙනා කලහකාරීන් වන බවත් ඔවුන් සමග සාමූහිකව වැඩ කිරීමට නොහැකි බවත් සන්ධානයේ මහ ලේකම් ධුරයට මෙම කිසිවකුගේ නම් යෝජනා නොකරන ලෙසද එජාප නායකයා දන්වා ඇත.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂය පුළුල් සන්ධානයක් ගොඩනැඟිය යුතු බවට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කළ අතර එම සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සුදුස්සකු නම් කිරීමේ බලය සජිත් ප්‍රේමදාස වෙත පවරා තිබිණි.

එබැවින් ඉහත හයදෙනා හැර වෙනත් අයකුගේ නමක් යෝජනා කර එවන ලෙසද රනිල් වික‍්‍රමසිංහ විසින් ඉල්ලා ඇති අතර ලබන 6 වැනිදා පැවැත්වෙන ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම නම යෝජනා කර සම්මත කර ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස