එජාප නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වයත් එපා! – සජිත්

January 30, 2020 at 12:23 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට තමා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් සන්ධාන නායකත්වය පමණක් නොව එජාප නායකත්වය ද උවමනා බව සජිත් ප්‍රේමදාස එජාප නායක රනිල් වික්‍රමසිංහට පවසා තිබේ.

ඒ ඊයේ (29)ඔවුන් දෙදෙනා විශේෂ සාකච්ඡාවක් සඳහා හමු වූ ව්ටය.

එජාප නායකත්වය නොමැතිව මහ මැතිවරණයට ගොස් ජනාධිපතිවරණයේදී මෙන් පරාජය වීමට තමන් සූදානම් නැතැයිද ඔහුුු පවසා තිබේ.

එහෙත් රනිල් වික්‍රමසිංහ ඊට එකඟ වී නොමැති අතර අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස