එජාප නායකත්ව අර්බුදය නිමවන හැඩ! නායකයා ස්වාධීන කතානායක කරූ! පක්ෂ අනුශාසක රනිල්! සන්ධාන නායක සජිත්!

January 20, 2020 at 8:31 am | by emanisa.lk

දීර්ඝ කාලයක් තිස්සේ දිග හැරුණු එජාප නායකත්ව අර්බුදය මේ වන විට විසඳා ගැනීමේ අවස්ථාවක් උදා වී ඇතැයි වාර්තා වෙයි.

ඒ එක්සත් ජාතික පෙරමුණු නායකයන් සහ ස්වාධීන කතානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

මෙහිදී පක්ෂ නායකත්වය කරූ ජයසූරියට ද සන්ධාන නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ද ලබා දීමටත් යෝජනා වී ඇති අතර රනිල් වික්‍රමසිංහට පක්ෂයේ අනුශාසක ධුරය යෝජනා වී ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ස්වාධීන කතානායක කරූ ජයසූරිය හමු වී සිදුකළ සාකච්ඡාවක දී පක්ෂ නායකත්වයෙන් රනිල්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කර ඇති අතර රනිල්ට සහ ඔහුගේ පාර්ශ්වයට පක්ෂය තුළ කිසිදු අසාධාරණයක් කිරීමට තම නායකත්වය යටතේ ඉඩ නොතබන බවට ඔහු පොරොන්දු වී තිබේ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට දින දෙකක කාලයක් ලබා දෙන ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස