එජාප නායකයා රනිල්මයි! සජිත් පිල දෙකඩයි!

January 30, 2020 at 8:13 pm | by emanisa.lk

එජාප නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහ දැරිය යුතු බවට අද (30) රැස් වූ එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩය තීන්දු කර තිබේ.

එසේම නව සන්ධානයේ නායකත්වය ද අගමැති අපේක්ෂකත්වය ද මහ මැතිවරණය මෙහෙය වීමේ බලය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීන්දු කර ඇත.

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ 35 දෙනෙකු එම රැස්වීම නර්ජනය කරන බව හරීන් ප්‍රනාන්දු පැවසුව ද භට සහභාගී නැත්තේ 16 දෙනෙකු පමණි. ඒ අතරින් ද 6 දෙනෙකු තමන්  සහභාගී නොවන බව පක්ෂ ලේකම් අකිල විරාජ් දැනුම්වත් කර තිබිණි.

එසේම සජිත් පාර්ශ්වය නියෝජනය කරන මලික් සමරවික්‍රම, මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, එස්.එම්. මරික්කාර් ආදීන් ද මේ සඳහා සහභාගී වූහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස